අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඔබ සුදානම්ද? ඔබ කියවිය යුතුම ලිපියකි
තිත්ත උනත් ඇත්ත කතාව eMoney ගැන
අන්තර්ජාලයෙන් මුදල් හොයන්න හිතාගෙන එන අයගෙන් 95% ක් පමණ වෙන විශාල පිරිසකට අවම වශයෙන් රුපියල් 100ක් වත් අන්තරජාලයෙන් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔහුන් eMoney ගැන හරියට නොදෙන සමහර අයගේ බොරු අහලා පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් මාර්ගයක් විදියට මුදල් හොයන්න අන්තර්ජාලය තෝරා ගැනීමයි.
ඔබම හිතන්න මිනිසුන්ට නිකන්ම මුකුත් වැඩක් නොකර පහසුවෙන් අන්තර්ජාලයෙන් මාසෙකට රුපියල් ලක්ෂයක් පමණ හොයන්න පුළුවන් නම් ඇයි හැමෝම ජොබ් එක විදියට eMoney තෝරාගන්නේ නැත්තේ?
එකට සරලම හේතුව තමයි අන්තරජාලයෙන් මුදල් හොයන එක ඉතාමත් පහසු දෙයක් නෙවේ. එයත් අනිත් ජොබ් වගේම ඔබ මහන්සි වෙන තරමට ප්‍රතිපල ගෙන දෙන එක්තර ජොබ් එකක්.
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න අවශ්‍ය දේවල්
1. ඉවසීම
ඔබ ඉවසීම ඇත්තේම නැත්ද? එසේනම් ඔබට අන්තර්ජාලයෙන් මුදල් හෙවීම සිහිනයක් පමණක් වෙනු ඇත. ඔබට එක දවසකින් ලක්ෂයක් හොයන්න බෑ. ඔබ හැකිතාක් එයට මහන්සි වෙන්න ඕනෑ. වර්තමානයේ අන්තර්ජාලයෙන් මාසෙකට 100000$ හොයන අයත් ඉන්නවා. නමුත් ඔහුන් අන්තරජාලයෙන් මුදල් හොයන්න පටන් ගත්තේ මීට අවරුදු 10කට වගේ කලින්. ඒ අයගෙන් හුගක් අයට පළවැනි අවරුද්දේම කිසිම මුදලක් හොයන්න හම්බ වෙලා නෑ. නමුත් ඔහුන් උත්සාහය ඇත හැරලා නෑ. තමන්ගේ අත්දැකීම් එක්ක ඔහුන් වැටි වැටි නැගිට්ටා. ඒ නිසා ඔහුන් අද ජය අරගෙන ඉන්නවා.
2. English
eMoney ගැන කථා කරන කොට ඔබට සම්පුර්ණයෙන්ම අපිට English අමතක කරලා බෑ. ඔබගේ English දැනුම ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා අනිවාර්යෙන්ම. ඔබට English බෑ කියල දුක් වෙන්න එපා. දැන් අන්තරජාලය හරහාම ඔබට ඕනෑ තරම් English ඉගන ගන්න පුළුවන් ක්‍රම තියනවා.
ඔබ English භාෂාවේ ප්‍රවීනයෙක් වෙන්න අවශ්‍ය නෑ. ඔබට සාමානයෙන් English කියවල තේරුම් ගන්න පුළුවන් සහ ඔබට වෙන කෙනෙක්ට තේරෙන විදියට ලියන්න පුළුවන් නම් ඒ හොදටම ඇති දැනට.
3. කුමක් හෝ දක්ෂතාවක්
සෑම ජොබ් එකක කරන්නම ඔබට කුමක් හෝ දක්ෂතාවය තියන්න ඕනේ.
ඔබට ගුරුවරයෙක් වෙන්න ඕනෑ නම් ඔබට කුමක් හෝ විෂයක් පිළිබද හොද දැනුමක් වගේම අනිත් අයට තේරෙන විදියට කියල දෙන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන.
ඔබට පොල් කඩන්න ඕනෑ නම් ඔබට පොල් ගස් නැගීමේ හැකියාව තියෙන්න ඕනෑ.
ඔබට cricket ක්‍රීඩකයෙක් වෙන්න ඔනේ නම් ඔබට cricket ගහන්න පුළුවන් වෙන්න ඕනේ .
ඔබටම තේරෙනවා මොන ජොබ් එක කරන්න උනත් ඔබට කුමක් හෝ හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් අන්තරජාලයෙන් මුදල් උපයන්නත් එහමයි.
Comments
Post a Comment